කොහිල අල සම්බෝල

 කොහිල

·         විද්‍යාත්මක නාමය   -        Lasia spinosa

·         ඖෂධිය ගුණ           -

අර්ශස් රෝගයට කදිම ඔසුවකි. ආමාශගත රෝග සමනය කරයි. මලබද්ධය බඩපුරවා දැමීම, කෑම අරුචිය සමනය කරයි. ගෑස්ට්‍රයිටීස් නිසා ඇතිවන ආමාශගත තුවාල වළකයි. දියවැඩියාව පාලනය කරයි. විෂ නසයි.

 

කොහිල අල සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

ü     කොහිල අල අවශ්‍ය ප්‍රමාණයට

ü     අමු මිරිස්

ü      රතු ළූණු

ü       ලුණු

ü        පොල්

ü        දෙහි

ü       තක්කාලි

ü        ගම්මිරිස් කුඩු

 

සාදන ක්‍රමය

    කොහිල අල පොත්ත කපා ඉවත් කර හොදින් සොදා සිහින්ව ලියා ලුණු වතුරේ දමා මිරිකා  ගන්න. එයට   කපාගත් අමු මිරිස්, තක්කාලි, රතු ළූණු,  ලුණු, පොල්, ගම්මිරිස් කුඩු හා දෙහි  දමා හොදින් කලවම් කර ගන්න.


0 Comments

Follow Me On Instagram