අක්කපාන දළු සම්බෝල

 අක්කපාන


·         උද්භිද විද්‍යාත්මක නාමය         - Kalanchoe pinnata

                                ·         ඖෂධීය ගුණ                                                             -

අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල්, මූත්‍රා පද්ධතිය සම්බන්ධ රෝග, අර්ශස්, කොලරාව, පාචනය, සියලුම සන්ධි රෝග සුව කරයි. ඊට අමරතව, මුඛ සෞඛ්‍ය යහපත් කරයි. කාන්තා ප්‍රජනන පද්ධතිය ආරක්ෂා කරයි. එමෙන්ම ඉරුවාරදයට කදිම වේදනා නාශකයකි. පිළිකා සෛල නසයි.

 

අක්කපාන දළු සම්බෝල

 අවශ්‍ය ද්‍රව්‍ය                  

ü  අක්කපාන දළු කොළ මිටක්,

ü  සිහින්ව ගා ගත් පොල් මිටක්,

ü  දෙහි ගෙඩියක්,

ü  රතු ලූණු ගෙඩි 5/6 ක්,

ü  අමු මිරිස් කරල් 3/4 ක්,

ü  ලුනු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

        මුලින්ම අක්කපාන කොළ ටික හොඳින් සෝදා සිහින්ව කපාගෙන ඒවා  ලුණු දියර දැමු භාජනයකට දමා හොදින් තදකර විනාඩි කිහිපයක් තබා  මිරිකා පිටතට ගන්න. ඉන්පසු සිහින්ව ගා ගත් පොල් මිටට  රතුලූණු අමුමිරිස් සිහින්ව කපා මිශ්‍රකර එයට ලුණු සහ දෙහි ප්‍රමාණවත් පරිදි එකතු කරගන්න. දැන් එයට කලින් සකසා ගත් අක්කපාන කොළ එක්කර හොදින් මිශ්‍ර කරගන්න .


0 Comments

Follow Me On Instagram