වැල වහලු
ඖෂධීය ගුණ -
උදරාබාධ ඇතිවීම වළකයි. පිළිකා මර්ධනය කරයි. මළ බද්ධයට ඉතා ගුණදායකයි.
ධාරණ ශක්තිය වර්ධනය කරයි. ගර්භණී කාන්තාවන්ට ගුණදෙයි. ජීර්ණය උත්තේජනය කරයි. ආතතිය
අඩු කිරීමට උපකාරී වේ. ප්‍රතිශක්තිකරණය ඉහළ නංවාලයි.
වැල වහලු වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
- වියළා ගත් වැල වහලල්ක්
- රතු ලූණු
- අමුමිරිස්
- රම්පෙ
- කරපිංචා
- ඉගුරු
- සුදු ලූණු
- ගම්මිරිස්
- මිරිස් කුඩු
- තුනපහ
- කහකුඩු
- ලුණු
- කුරුඳු පොතු
- එනසාල්
- කරාබු නැටි
- පොල්තෙල්
- පොල්කිරි
සාදන ක්‍රමය
වැල වහල්ලක් ගෙන හතරට පලා ලුණු වතුරේ ගිල්වා
තබා වියළා ගන්න. කලින් වියළා ගත් වැල
වහල්ලේ දුඹුළු සූරා දමන්න. ඉන්පසු උණු ජලයේ ගිල්වා පැය 12 ක් පමණ පොඟවා සෝදා
හරින්න. වැල වහල්ල කුඩා කැබලි වලට කපා නැවත උණු වතුරේ පැය 2ක් පමණ පොඟවා ගන්න. එම කැබලි වලට ලුණු, කහ,
මිරිස් තුනපහ, එක්කර අතගා ගන්න. ඉගුරු, සුදුලූණූ, ගම්මිරිස්, කුරුඳුපොතු,
එනසාල්, කරාබු නැටි, අඹරා ගන්න. තෙල් ටිකක් ලිප තබන්න.තෙල් රත්වූ පසු අඹරා ගත්
මිශ්‍රණය සහ රතුලූණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා එයට එකතු කරන්න. ඉන්පසු වැල වහලු
කැබලි ටික එකතු කරන්න. පොල්කිරි එකතු කරන්න.
හොඳින් පිස ගන්න.
0 Comments