කෙසෙල්
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Musa
pardisiaca
·
ඖෂධීය ගුණ -
මුත්‍රා රෝග, පිත් රෝග, කෙසෙල් අල විෂ නාශක ගුණයෙන් යුක්තයි. කැස්සට, ග්‍රහණි රෝග වලට, කොළරා රෝගයට කෙසෙල් බඩ ගුණ දායක වේ.
කෙසෙල් බඩ ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
ü කෙසෙල් බොඩü දියකිරි කෝපප 02ü මිටිකිරි 1 ½ü රතුලුණුü අමු මිරිස්ü සුදු ලූණුü කරපිංචාü වියළි මිරිස්ü මිරිස්ü කහü අබü ලුනුü පොල් මිටක්ü පොල් තෙල්
සාදන ක්‍රමය
කෙසෙල්
බොඩ කොටු හැඩයට කපා ලුණු වතුරට දමා තබා නැවත වතුරෙන් සෝදා කහ, මිරිස් කුඩු, ලුණු,
කරපිංචා, දියකිරි එකතු කර කලවම් කර වසා ලිපේ තබන්න. අබ සහ සූදුරු, වතුර එකතු කර
කුඩු කරන්න. පසුව ගාගත් පොල් ද එකතු කර මිශ්‍රණය සදා ගන්න. වතුර සිදුණු කෙසෙල් බොඩ
මාලුවට මිටිකිරි හා පොල් මිශ්‍රණය එකතු කර මද ගින්නේ පිස ගන්න. සුදුලූණු, රතු
ලූණූ, කරපිංචා, වියලි මිරිස්, උම්බලකඩ එකතු කර රන්වන් පාට වූ පසු කෙසෙල් බොඩ මාලුව මද ගින්දරේ නැවත පිස ගන්න.
1 Comments
ඔබගේ මෙම කාර්යය ඉතාමත් ඉහල, ඉතාමත් වටිනා ක්‍රියාවකි. ඉතාමත් අගය කරමු. ඔබ විසින් සදහන් කර ඇති කෙසෙල් බොඩ ව්‍යංජනය සදහා අපි බවිත කරන්නේ කෙසෙල් කැන කපාගත් පසු එහි බොඩයේ ඇතුලතම තියෙන දඩු කොටසයි. පිටින් ඇති කෙසෙල් පිති ඉවත්කරමින් ගිය විට මැද බොඩය ඉතුරු වේ. ඇබුල් , කෝලිකුට්ටු කෙසෙල් වල බොඩය ඉතාම රසයි
ReplyDelete