අලිගැටපේර
·
උද්භිද
විද්‍යාත්මක නාමය - persea
americana
·
ඖෂධීය
ගුණ -
යකඩ, කැල්සියම්, පොස්පරස්, සින්ක් ආදී පෝෂන වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විත වේ. කොලස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ සිට සම පැහැපත් කිරීම දක්වා ප්රතිලාභ අපට ලබාදේ. එමෙන්ම ශරීරය සිසිල් කරයි. ආහාර ජීර්ණය පහසු කරයි.
අලිගැටපේර කොළ කැද
අවශ්‍ය ද්‍රව්‍ය
ü සෝදා ගත් අලිගැටපේර කොළ (නොමේරු)
ü ගා ගත් පොල් පීරිසි 1ක්
ü කරපිංචා කොළ පීරිසි 1ක්
ü රතුළූණු ගෙඩි 4ක්
ü සුදුළූණු බිකි 2ක්
ü පිසගත් බත් පීරිසි 1ක්
ü ලුණු ස්වල්පයක්
ü වතුර කෝප්පයක්
ü ගම්මිරිස් මේස හැදි 1ක්
ü ඉඟුරු කැබැල්ලක්
සාදන ක්‍රමය
සෝදා
ගත් අලිගැටපේර කොළ, ගා ගත් පොල්, කරපිංචා සහ වතුර එක් කර හොඳින් බ්ලෙන්ඩර් කර ලිප
තබා ගැනීමට හැකි භාජනයකට පෙරා ගන්න. ( දෙපාරක් වුවද බ්ලෙන්ඩර් කර ගත හැකිය ) ඉන්
පසුව පිසගත් බත්, සුද්ද කර ගත් සුදුළූණු, සුද්ද කර ගත් රතුළූණු, සුද්ද කර ගත්
ඉඟුරු කැබැල්ලක් සහ වතුර ස්වල්පයක් එක් කර මදක් පමණ බ්ලෙන්ඩර් කර මුලින් සාදා ගත්
මිශ්‍රණයට එක් කරන්න. ඉන් පසු එම මිශ්‍රණයට ලුණු ස්වල්පයක් සහ ගම්මිරිස් එක් කර
ලිප තබා රත් කර ගැනීමෙන් ආහාරයට ගත හැකිය.
0 Comments