කොහිල
කොහිල අල කැද
·
විද්‍යාත්මක නාමය - Lasia spinosa
· ඖෂධිය ගුණ -
අර්ශස් රෝගයට කදිම ඔසුවකි. ආමාශගත රෝග
සමනය කරයි. මලබද්ධය බඩපුරවා දැමීම, කෑම අරුචිය සමනය කරයි. ගෑස්ට්‍රයිටීස් නිසා
ඇතිවන ආමාශගත තුවාල වළකයි. දියවැඩියාව පාලනය කරයි. විෂ නසයි.
අවශ්‍ය ද්‍රව්‍ය
ü සුද්ද
කර සෝදා ගත් කොහිල අල කැබැල්ලක්
ü ගා
ගත් පොල් පීරිසි 1ක්
ü කරපිංචා
කොළ පීරිසි 1ක්
ü රතුළූණු
ගෙඩි 4ක්
ü සුදු
ළූණු බික් 2ක්
ü පිසගත්
බත් පීරිසි 1ක්
ü ලුනු
ස්වල්පයක්
ü වතුර
කෝප්පයක්
ü ගම්මිරිස්
මේස හැදි 1ක්
ü ඉඟුරු
කැබැල්ලක්
සාදන ක්‍රමය
සුද්ද
කර සෝදා ගත් කොහිල අල කුඩා කැබලි වලට කපා (බ්ලෙන්ඩර් කිරීමට පහසු නිසා) එයට ගා ගත්
පොල්, කරපිංචා සහ වතුර කෝප්පයක් එක් කර හොඳින් බ්ලෙන්ඩර් කර (කැබලි නොහිටින ලෙස)
ලිප තබා ගැනීමට හැකි භාජනයකට පෙරා ගන්න. (දෙපාරක් වුවද බ්ලෙන්ඩර් කර ගත හැකිය.)
ඉන් පසුව පිසගත් බත්, සුද්ද කර ගත් රතුළූණූ, සුද්ද කර ගත් සුදුළූණු, සුද්ද කර ගත්
ඉඟුරු කැබැල්ලක් සහ වතුර ස්වල්පයක් එක් කර මදක් පමණ බ්ලෙන්ඩර් කර මුලින් සාදා ගත්
මිශ්‍රණයට එක් කරන්න. ඉන්පසුව එම මිශ්‍රණයට ලුනු ස්වල්පයක් සහ ගම්මිරිස් එක් කර
ලිප තබා රත්කර ආහාරයට ගන්න.
0 Comments