කටු කිතුල් බඩ ව්‍යංජනය

 කටු කිතුල්


·         උද්භිද විද්‍යාත්මක නාමය     -  onconsperma fasciculatum

·         ඖෂධීය ගුණ                - විෂ නසයි. සෞම්‍ය ධාතු වර්ධනය කරයි. මල බද්ධය නැති කරයි.


කටු කිතුල් බඩ වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

ü  කටු කිතුල් බඩ  250                                   

ü  බැඳපු මිරිස් කුඩු තේ හැදි 1 යි                  

ü  බැඳපු තුනපහ කුඩු තේ හැඳි ½               

ü  සුදු ළූණු

ü  සේර

ü  ගොරකා      

ü  අබ ලුණු

ü  ගම්මිරිස්                                          

ü  ඉඟුරු කැබැල්ලක්

ü  එනසාල්

ü  කරාබු නැටි

ü  මදුරුතලා

ü  කුරුඳු පොතු

ü  කහ

ü  පොල් කිරි


සාදන ක්‍රමය

කටු කිතුල් බඩ කුඩා ලැබලි වලට කපා ගන්න. සුදු ළූණු, ගොරකා, අබ, ගම්මිරිස්, ඉඟුරු කැබැල්ලක්, එනසාල්, කරබු නැටි, මදුරුතලා, කුරුඳු පොතු, සේර හොඳින් අඹරා ගන්න. කපා ගත් කටු කිතුල් බඩ වලට ඉහත අඹරා ගත් පහේ මිශ්‍රණය හා බැඳපු මිරිස් කුඩු, තුනපහ, රම්පෙ, කරපිංච, අමු මිරිස් කහ, ලුණු එක් කර හොඳින් මිශ්‍රකර මද වේලවක් තබන්න. ඉන් පසු භාජනයකට  තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු මිශ්‍රණය දමා ටික වේලාවක් තබා පොල් කිරි දමා හොඳින් පිස ගන්න.


0 Comments

Follow Me On Instagram