නිල් කටරොළු මල් පකෝඩා

 නිල් කටරොළු 


·         උද්භිද විද්‍යාත්මක නාමය      - Clitoria Ternatea

·         ඖෂධීය ගුණ                     -

මතක ශක්තිය වර්ධනයට, මානසික පීඩනය පාලනයට හා සමෙහි කොලැජන් නිෂ්පාදනය ඉහළ නංවන නිසා තරුණ බව රැකදෙයි. අජීර්ණ තත්ත්වයන්  සමනය කරයි. දියවැඩියාව පාලනය කරයි. එමෙන්ම අධි රුධිර පීඩනයකොලොස්ටරෝල් වලට ගුණදායකය.

 

නිල්කටරොළු මල් පකෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය

 

ü  නිල්කටරොළු මල් කිහිපයක්

ü  කඩලපිටි කෝප්ප ½

ü  කහකුඩු තේහැඳි ¼

ü  මිරිස්කුඩු තේහැඳි ½

ü  ලුණු හා ගම්මිරිස්කුඩු

ü  බැදීමට තෙල්


සාදන ක්‍රමය

        නිල් කටරොළු මල් හොඳින්  වතුර පෙරාගෙන වේලෙන්න තියන්න. ඉන්පසු  කඩලපිටි වලට මිරිස්කුඩු, කහකුඩු, ලුණු හා ගම්මිරිස් කුඩු දමා වතුර ටික ටික දාලා තික් බැටර් එකක් හදාගන්න. දැන් තෙල් රත්වෙන්න තියලා මල් වල නටුවෙන් අල්ලලා බැටර් එකේ ඔබලා වැඩි ටික අයින් කරලා තෙලට දාගන්න. රන්වන්පාට වනතෙක් බැදගන්න.


0 Comments

Follow Me On Instagram