කිරිහැන්ද
·
උද්භිද
විද්‍යාත්මක නාමය -
Celosia
argentea
·
ඖෂධීය
ගුණ -
දියවැඩියාවට හා ආතතියට වඩාත් ගුණදායකය. එමෙන්ම ඉරුවාරදයට,
අතීසාරයට,
ආහාර
මාර්ගයේ රෝග සඳහා ද යෝග්‍යය ආහාරකි. මව්කිරි වඩවයි.
කිරිහැන්ද කොළ මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
ü කිරිහැන්ද කොළ මිටියක්
ü ගාගත් පොල් කෝප්ප 1
ü ලියාගත් ලොකු ලූණු ගෙඩි 1
ü අමුමිරිස් කරල් 2
ü ලුණු ස්වල්පයක්
ü පොල්තෙල්
ü දෙහි යුෂ
සාදන ක්‍රමය
කිරිහැන්ද කොළ සෝදා හීනියට ලියාගන්න. එයට පොල්, හා ලුණු දමා කලවම් කරගන්න. මැටි ඇතිලියක් ලිප තබා
පොල්තෙල් ස්වල්පයක් දමා රත්කරන්න. කපාගත් ලොකු ලූණු හා
අමුමිරිස් එයට එකතු කර කලවම් කරන්න. ඉන්පසු සකසා ගත් කිරිහැන්ද
කොළ මිශ්‍රණය එයට එකතු කරන්න. මඳ ගින්දරේ හොඳින් පිසගන්න. ලිපෙන් බා ගත් පසු නිවෙන්නට
හැර දෙහි යුෂ එකතු කරගන්න.
0 Comments