කොස් දළු මැල්ලුම

 කොස්


·         උද්භිද විද්‍යාත්මක නාමය         - Artocarpus heterophyllus

·         ඖෂධීය ගුණ                              -

රුධිරයේ සීනී මට්ටම පාලනය කරයි. ඛනිජ ලවණ බහුලව ඇති නිසා ඇස් නිරෝගී කරවයි.  ප්‍රතිඔක්සිකාරය ගුණයෙන් යුක්තය. අන්ත්‍ර බඩවැල් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩු කරවයි. අමාශගත තුවාල වලට ඔසුවකි.

 

කොස් දළු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

 

ü  සිහින්ව ලියා ගත් ලපටි කොස් දළු මිටක්

ü  පොල් තෙල් ස්වල්පයක්

ü  සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් දෙකක්             

ü  සිහින්ව ලියා ගත් රතුලූනු  ගෙඩියක්

ü  ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ü  කහකුඩු ස්වල්පයක්      

ü  සිහින්ව ගා ගත් පොල්

ü  ලුණු

 

සාදන ක්‍රමය

සිහින්ව ලියා ගත් ළපටි කොස් දළු , රතුලූණු , අමුමිරිස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, පොල් සහ  ලුණු  හොඳින් මිශ්‍ර කරගන්න. බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු පසුව සාදා ගත් කොස් දළු මිශ්‍රණය එයට එකතු කරන්න.  හොඳින් කලවම් කරමින් මද ගින්දරේ පිසගන්න.


0 Comments

Follow Me On Instagram