මැල්ල කොළ
·
උද්භිද විද්‍යාත්මක නාමය - olex zeylanica L.
·
ඖෂධීය ගුණ -
මුත්‍ර දාහ, ගඩු සුව කරයි. සියලු වාත රෝග වලට ගුණදායක වේ.
මැල්ල කොළ ක්‍රිස්පි
අවශ්‍ය ද්‍රව්‍ය
ü මැල්ල කොළ කිහිපයක්
ü පාන් පිටි
ü මිරිස් කුඩු මේස හැන්දක්
ü කහ කුඩු ස්වල්පයක්
ü ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ü ලුණු කුඩු
ü පිරිසිදු ජලය
ü පොල්තෙල්
සාදන ක්‍රමය
මැල්ල කොළ සෝදා පිරිසිදු කර ගන්න. ඉන්පසු ඒවා ලුණු වතුරෙහි බහා
විනාඩි 5ක් පමණ තබන්න. පාන්පිටි, මිරිස්
කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, ලුණු වතුරට
දමා බැටර් එකක් ලෙස සකස් කර ගන්න. තාච්චියක් ගෙන ලිප තබා පොල්තෙල් එකතු කරන්න.
පොල්තෙල් රත් වූ පසු මැල්ල කොළ මත සාදා ගත් බැටර් එක තවරා තෙලට දමා පදමට බැද ගන්න.
0 Comments