ජපන් බටු
·
උද්භිද
විද්‍යාත්මක නාමය -
Sauropus
androgynus
·
ඖෂධීය
ගුණ -
අක්ෂි රෝග,
මූත්‍රා
රෝග,
දියවැඩියාව
සඳහා ගුණදායකය. ඔස්ටියෝපොරෝසිස් රෝගයට කදිම
ඔසුවකි.
එමෙන්ම
මව්කිරි වැඩීමට හා ලිංගික හැකියාව වර්ධනයට විශේෂයි.
ජපන් බටු ගෙඩි වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
ü ජපන් බටු ගෙඩි 20
පමණ
ü ලියාගත් ළූණු ගෙඩියක්
ü කපාගත් තක්කාලි ගෙඩි 1
ü කපාගත් රම්පේ හා කරපිංචා
ü උම්බලකඩ ස්වල්පයක්
ü තුනපහකුඩු තේහැඳි ½
ü කහකුඩු තේහැඳි ¼
ü කෑලිමිරිස් තේහැඳි ½
ü ලුණු ස්වල්පයක්
ü තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
ජපන් බටු දෙකට පලලා ඇට
අයින් කරලා සෝදගන්න. දැන්
භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු, රම්පේ හා කරපිංචා දාලා බැදෙන්න අරින්න. ඊළඟට තුනපහකුඩු, කහකුඩු, කෑලිමිරිස් හා උම්බලකඩ දාලා කලවම් කරන්න. ඊළඟට කපාගත් තක්කාලි හා ජපන් බටු ටික දාලා කලවම් කරලා වහලා තියන්න. බටු තැම්බුනාම ලිපෙන් බාගන්න.
0 Comments