වට්ටක්කා
·
උද්භිද
විද්‍යාත්මක නාමය -
Curcubita Maxima
·
ඖෂධීය
ගුණ -
හදවතේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත්
කරයි.
ඔබේ සම මෘදු කරයි. පිළිකාවට
එරෙහිව සටන් කරයි. රූමැටොයිඩ් හා ආතරයිටිස් රෝග ලක්ෂණ
අඩු කරයි. අස්ථි ශක්තිමත් කරයි. මලබද්ධය
සමනය කරයි. දන්ත
සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ.
වට්ටක්කා දළු මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
ü වට්ටක්කා දලු
ü රතු ළූණු
ü පොල් අවශ්‍ය පමණ
ü කහ කුඩු ස්වල්පයක්
ü ලුණු රස අනුව
ü උම්බලකඩ ( කැමතිනම් )
ü අමු මිරිස් කරලක්
සාදන ක්‍රමය
මුලින්ම වට්ටක්කා දලු ටික ගෙන හොඳින් සුද්ද කර එහි බූව කොටස ගැලවෙන ලෙස වටේ
පොත්ත ගලවා ඉවත්කර ගන්න. දැන් මේවා හොඳින් සෝදා පිරිසිදු කර ගන්න. මීළඟට මෙම
වට්ටක්කා දළු සිහින්ව ලියා ගන්න. දැන් ලියා ගත් වට්ටක්කා දලු වලට, පොල්, කහ, ලුණු,සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල, රතු ළූණු හා උම්බලකඩ දමා හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් මෙම මිශ්‍රණය ගින්දර
වැඩි කර ඉක්මනින් මලවාගන්න. දැන් එය හොඳින් මැලවුණු පසු (කොළපාට ගතිය හොදට තියෙන
ලෙසට) ලිපෙන් බා ගන්න.
0 Comments