දියතිප්පිලි/දියනිල්ල තෙම්පරාදුව

                        දිය තිප්පිලි/ දිය නිල්ල 


·         උද්භිද විද්‍යාත්මක නාමය         - Peperomia pellucida

·         ඖෂධීය ගුණ                              -

මුඛයෙහි ආසාදය වලට, අංශභාගයට, මීමැස්මොරයට, සමේ රෝග වලට, අම්ල පිත්ත රෝගය, ගැස්ට්‍රයිට්‍රීස් වලට, ආතරයිටීස් වලට, සැරව බිබිලි සුව වීමට ආදී රෝග රැසකට ගුණදායකය.

 දියතිප්පිලි/දියනිල්ල තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය

ü   දිය තිප්පිලි මිටක්
ü    සුදු ළූනු 
ü    තක්කාලි
ü    අමූ මිරිස් කරල් 3
ü     රම්පේ කරපිංචා
ü      ලුණු, කෑලි මිරිස් කුඩු
ü      කහ කුඩු
ü      උම්බලකඩ
ü       ලොකු ලූණු ගෙඩියක්

   ü         පොල්තෙල්

සාදන ක්‍රමය

    දිය තිප්පිලි ගස සම්පූර්ණයෙන්ම ගෙන  උඩින් ඇති රේණු වගේ කොටස්  (බීජ ) ඉවත් කර සෝදා ගෙන දිය ඉවත් වනතුරු තබන්න. තෙල් ටිකක් මැටි ඇතිලියකට දමා එය රත් වුණු පසුව සුදු ළූනු  රන්වන් පැහැ වනතුරු බැදගෙන එයට කපාගත් ලොකු ලූණු ගෙඩියක්,  අමූ මිරිස් කරල් 3 ක් සහ රම්පේ කරපිංචා එකතු කර තෙම්පරාදුව සාදා ගන්න.  ඒ සියල්ල  බැදීගෙන එද්දි රස අනුව ලුණු, කෑලි මිරිස් කුඩු ,කහ කුඩු, උම්බලකඩ සහ කපාගත් තක්කාලි එකතු කර කලවම් කර තෙම්පරාදු කර ගන්න. ඉන්පසුව තරමක කෑලිවලට කඩාගත් දිය බුලත් එකතු කර වැඩි ගින්දරේ විනාඩියක් 2 ක් පිස ගන්න.  ලිපෙන් ඉවත් කරගත් දිය බුලත් තෙම්පරාදුවේ පැහැය වෙනස් නොවෙන්නට පෙර ඉක්මනින් දිය බුලත් තෙම්පරාදුව වෙනත් බදුනකට මාරු කර රස බලන්න.

0 Comments

Follow Me On Instagram