කෝප්ප කොළ මැල්ලුම

 කෝප්ප කොළ

 

·         ඖෂධීය ගුණ                              -

පාචනය වැනි රෝගී අවස්ථාවකදී එම තත්ත්වය සමනය කරයි.  මළබද්ධය සමනය කරයි. මුත්‍ර රෝග සුව කරයි. මුඛයේ ආසාදන සමනය කරයි. ඇස් පෙනීම වර්ධනය කරයි.

කෝප්ප කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

ü  සිහින්ව ලියා ගත් කෝප්ප කොළ මිටක්

ü  පොල් තෙල් ස්වල්පයක්

ü  සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් දෙකක්             

ü  සිහින්ව ලියා ගත් රතුලූනු  ගෙඩියක්

ü  ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ü  කහකුඩු ස්වල්පයක්      

ü  සිහින්ව ගා ගත් පොල්

ü  ලුණු

ü  දෙහි යුෂ

 

සාදන ක්‍රමය

සිහින්ව ලියා ගත් කෝප්ප කොළ, රතුලූණු , අමුමිරිස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, පොල් සහ  ලුණු  හොඳින් මිශ්‍ර කරගන්න. බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු පසුව සාදා ගත් කෝප්ප කොළ මිශ්‍රණය එයට එකතු කරන්න.  හොඳින් කලවම් කරමින් මද ගින්දරේ පිසගන්න. ලිපෙන් බා ගත් පසු දෙහි  යුෂ එකතු කරන්න.


0 Comments

Follow Me On Instagram