බරුකොකු ව්‍යංජනය

 බරුකොකු

 

 

·         ඖෂධීය ගුණ                       -

මළ බද්ධය වළකාලයි.  සන්ධි ඉදිමුම්වලට ඉතාමත් ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද සුදුසුයි. රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. පියයුරු පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා රෝග ඇතිවීම වළක්වයි. කාන්තාවන්ගේ ගර්භාෂයට ඉතාමත් හිතකරයි. පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතා දුරලයි. සමේ ඇතිවන තුවාල හා රුධිර ගලනයන් සඳහා ඉතා සුදුසුයි. පණු රෝග නසාලයි. සමේ ඇතිවන යම් යම් ආසාදන තත්වයන් සඳහා වඩා සුදුසුයි. සර්ප හා කෘමි විෂ නැසීමට භාවිතා කරයි. ස්වසන රෝගීන්ට ගුණදායකයි. කාටිලේජ වර්ධනය කරයි.

බරුකොකු වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

 

ü  බරුකොකු අවශ්‍ය ප්‍රමාණයට

ü  අමු මිරිස්

ü  ළූණු ගෙඩි 2

ü  කරපිංචා

ü  කොස් ඇට කිහිපයක්

ü  ගොරකා

ü  සුදු ළූණු

ü  පොල් කිරි

ü  මිරිස් කුඩු

ü  තුනපහ කුඩු

ü  කහ කුඩු

ü  ලුණු

සාදන ක්‍රමය

        බරුකොකු හොදින් සෝදා කැබලිවලට කඩා ගන්න. ඉන්පසු එයට කපාගත් අමුමිරිස්, සිහින්ව ලියා ගත් ළූණු ගෙඩි 2ක්, කරපිංචා, කොස් ඇට, දිය කිරි, මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, සුදු ළූණු, ගොරකා සහ  ලුණු දමා ලිප තබා තැම්බෙන්නට හරින්න.  දියකිරි හිඳුනු පසු එයට මිටි කිරි දමා හොඳින් පිස ගන්න


 


0 Comments

Follow Me On Instagram