ඇහැළ දලු අඹුල

 ඇහැල


 

·         උද්භිද විද්‍යාත්මක නාමය          -  Cassia fistula

·         ඖෂධීය ගුණ                              -

ස්නායු රෝග,  චර්ම රෝග, වණ, කැස්ස, ස්වසන රෝග, උණ, මළබද්ධය හෘද රෝග, මුඛ රෝග, වාතරක්තය ඇතුළු රෝග රැසකට ගුණදායකය.

ඇහැළ දලු ඇඹුල

අවශ්‍ය ද්‍රව්‍ය

ü  ඇහැළ දලු නොමේරු කොළ දෙමිටක්

ü  ලියාගත් රතු ලූනු

ü  සුදු ලූනු

ü  අමුමිරිස්

ü  උම්බලකඩ

ü  මිරිස් කුඩු

ü  තුනපහ කුඩු

ü  කහකුඩු

ü  උළුහාල්

ü  ලුණු

ü  දියකිරි

ü  මිටිකිරි

 

සාදන ක්‍රමය

    ඇහැළ දළු හොඳින් සෝදන්න.  ඇතිලියක් ලිප තබා ඇහැල දළු එයට එකතු කර දිය කිරෙන් තැම්බෙන්නට හරින්න. ඊළඟට ලියාගත් රතු ලූනු, සුදු ලූනු, අමුමිරිස්, උම්බලකඩ සහ මිරිස් කුඩු, තුනපහ කුඩු, උළුහාල්, කහකුඩු, ලුණු වෑංජනයට දමා හොඳින් කළවම් කරගත යුතු ය. විනාඩි තුනකට, හතරකට පසු ගින්දර අඩු කර මිටිකිරි යොදා මඳ ගින්නේ පිස ගැනීම කළ යුතු වේ.


0 Comments

Follow Me On Instagram