මොණරකුඩුම්බිය කැද

 මොණරකුඩුම්බිය


·         උද්භිද විද්‍යාත්මක නාමය         - Vernonia cinerea

·         ඖෂධීය ගුණ                              -

ළදරු මාන්දම සුවකර ගැනීමට, ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට , සෙංගමාලය සුව කර ගැනීමට , මුත්‍ර රෝගයන්ට, අක්මාව ආශ්‍රිත රෝග සමනය කිරීමට  ගුණදායකය.

මොණරකුඩුම්බිය කැද

අවශ්‍ය ද්‍රව්‍ය


ü  මොණරකුඩුම්බිය කොළ දෙමිටක්

ü  කැකුළු සහල් මිටක් 

ü  පොල් කිරි කෝප්පයක් 

ü  වතුර කෝප්පයක් 

ü  ලුණු ස්වල්පයක් 

 

සාදන ක්‍රමය

        මොණරකුඩුම්බිය කොළ  හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා වතුර ස්වල්පයක් මිශ්‍රකර හොඳින් කොටා යුෂ වෙන්කර ගන්න. පසු සහල් සෝදා බඳුනකට දමා  සාමාන්‍ය බතක් පිසින ආකාරයට පිස ගෙන ඊට පොල් කිරි සහ මොණරකුඩුම්බිය කොළ සහ රස පදමට ලුණු මිශ්‍ර කර හොඳින් උතුරවා මදක් නිවුණු පසු හකුරු සමඟ පානය කරන්න. 


0 Comments

Follow Me On Instagram