කටු අනෝදා ව්‍යංජනය

 කටු අනෝදා


·         උද්භිද විද්‍යාත්මක නාමය         - Annona muricata

·         ඖෂධීය ගුණ                              -

විදුරුමස් දියවීම, විදුරු මසින් ලේ ගැලීම, මුඛයේ ඇතිවන තුවාල, මූත්‍රා දැවිල්ල, මූත්‍රා අඩස්සිය, මූත්‍රා ගල් ආදියට සුවදායකය. දියවැඩියාව හා අධි රුධිර පීඩනයටද ගුණදායකය. පිළිකා සෛල නසයි. සම පැහැපත් වේ.

කටුඅනෝදා ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

ü  පැසුන කටු අනෝදා ගෙඩියක්

ü  මිරිස් මේස හැන්දක්

ü  තුනපහ මේස හැඳි බාගයක්

ü  කහ ස්වල්පයක්

ü  ලුනු ස්වල්පයක්

ü  උළුහාල් ස්වල්පයක්

ü  රම්පෙ කැබැල්ලක්

ü  කුරුදු පොතු කැබැල්ලක්

ü  රතුළූණු ගෙඩි පහක්

ü  සුදුළූණු ගෙඩි දෙකක්

ü  අමුමිරිස් කරල් තුනක්

ü  කරපිංචා ඉති දෙකක්

ü  පොල් කිරි කෝප්ප බාගයක්

ü  පොල් තෙල් ස්වල්පයක්


සාදන ක්‍රමය

            කටු අනෝදා ගෙඩිය පොතු සහ එහි ඇති ඇට ඉවත් කර කැබලි වලට කපා ගන්න. එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහකුඩු, ලුණු, උළුහාල්, රම්පෙ, කරපිංචා, කුරුදු, කපාගත් රතුලූණු, සුදු ලූණු, අමුමිරිස් එකතු කර හොඳින් කලවම් කර වතුර ස්වල්පයක් දමා ලිප තබන්න.අනෝදා  කැබැලි හොඳින් තැම්බුණු  පසු පොල් කිරි එකතු කරන්න. අවශ්‍ය නම් පමණක් පොල් තෙල් ලිප තබා තෙම්පරාදු කර ගන්න

0 Comments

Follow Me On Instagram