කෙසෙල්
·
උද්භිද විද්‍යාත්මක නාමය - Musa pardisiaca
·
ප්‍රාදේශීය ව්‍යවහාර නාම - කෙසෙල් , කෙහෙල් , රඹ
·
දෙමළ නාමය -
කදලී
·
ඖෂධීය ගුණ
මුත්‍රා
රෝග, පිත් රෝග, කෙසෙල් අල විෂ නාශක ගුණයෙන් යුක්තයි. කැස්සට, ග්‍රහණි රෝග වලට, කොළරා
රෝගයට කෙසෙල් බඩ ගුණ දායක වේ.
කෙහෙල් මුව බැක්ටීරියා ආසධන සමනය කරයි. උදරයේ වේදනා, ශරීරයේ ප්‍රොජෙස්ටරොන් හෝමෝනය වැඩි කරන අතර ලේ ගැලීම අඩුකරයි. දියවැඩියාව පාලනය කරයි. පිළිකා සහ හෘද රෝග වළක්වයි. වකුගඩු ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරයි. යකඩ මට්ටම ඉහළ නංවයි.
කෙසෙල් අල පිටි රොටී
අවශ්‍ය ද්‍රව්‍ය
ü කෙසෙල් අල 1Kg
ü පාන් පිටි 250 g
ü පොල් 350 g
ü ලුණු ස්වල්පයක්
සාදන
ආකාරය
කෙසෙල් අල හොඳින් සෝදා, කුඩා කැබලි වලට කපා කොටා ගෙන වතුර සිවල්පයක් දමා
හොඳින් මිරිකා ගන්න. පසුව භාජනයකට දමා එහි පිටි සහිත කොටස භාජනයේ යටට තැන්පත් වූ
පසුව කහට ඉවත් කරමින් (කිතුල් පිටි සාදන ආකාරයට) පිටි ඉවතට ගෙන හොඳින් වේලා ගන්න. ඉන් පසු පාන් පිටි සමඟ කෙසෙල් අල පිටි මිශ්‍ර කොට
එයට පොල් හා ලුණු ස්වල්පයක් එක් කොට සාමාන්‍ය රොටී සාදන ආකාරයට සකසා ගන්න.
0 Comments