කොස් දෙල් මැල්ලුම

                                                    කොස් දෙල්


·         උද්භිද විද්‍යාත්මක නාමය                 - Artocarpusheterophylls

·         දෙමළ නාමය                                  -

·         ඖෂධීය ගුණ                                   -

මෙය ඉතා වටිනා කාබෝහයිඩ්‍රේට් ප්‍රභවයකි. ශක්තිජනක ආහාරයකි. විටමින් ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගුය. ඛණිජ ලවන මෙහි අඩංගුය.

කොස් දෙල් මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

ü  කොස් දෙල් ගෙඩි 01 (මදක් පැසුණූ)

ü  අමු මිරිස් කරල් 3 පමණ                    

ü  අවශ්‍ය පමණට සුදු ළූණු

ü  ලුණු ස්වල්පයක්

ü  ගම්මිරිස් ස්වල්පයක්

ü  පොල්  350 g

ü  කහ ස්වල්පයක්

ü  පිරිසිදු පොල් තෙල් ස්වල්පයක්

ü  රතු ළූණු ගෙඩි 5ක් පමණ

සාදන ආකාරය

    පළමුව කොස් දෙල් ගෙඩියෙහි පොත්ත ඉවත් කර හොඳින් සෝදා ගන්න.පසුව සිහින්ව ලියා ගන්න. ඉන් පසුව වතුර ස්වල්පයක් ගෙන භාජනයකට දමා සිහින්ව ලියාගත් කොස් දෙල් වලට ලුණූ සහ කහ ස්වල්පයක් යොදා ගනිමින් තැම්බෙන්නට තබන්න. ඉන් පසුව සුදු ළූණු, රතු ළූණු, අමු මිරිස්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් පොල් සමඟ අඹරා ගන්න. ඉන් පසු භාජනයකට පොල් තෙල් ස්වල්පයක් දමා මද ගින්නේ පිස ගන්න. විනාඩි කිහිපයකට පසුව මුලින් සිහින්ව ලියා තම්බාගත් කොස් දෙල් හා පොල් මිශ්‍රණය යොදා විනාඩි කිහිපයක් මද ගින්නේ තබා පිස ගන්න.

0 Comments

Follow Me On Instagram