මඩු
·
උද්භිද
විද්‍යාත්මක නාමය -
Cycadophyta
· ඖෂධීය ගුණ - ශරීරය සිසිල් කරයි. දියවැඩියාව සඳහා ඖෂධයකි.
මඩු දලු ඇඹුල
අවශ්‍ය ද්‍රව්‍ය
ü මඩු දලු ග්‍රෑම් 200
ü අමුමිරිස් කරල් 2
ü රතුලූණු ගෙඩි 3 -4
ü මිරිස්කුඩු
ü කරපිංචා
ü රම්පෙ
ü සුදුලූණු
ü උම්බලකඩ
ü බැදපු තුනපහ
ü ගොරක බික්කක්
ü පොල්කිරි
ü කෑලි මිරිස්
සාදන ක්‍රමය
මඩු දල්ලේ ඇති බූව වැනි කුඩා කොළ
පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ පොල්මුඩුවක ආධාරයෙන් පිස ඉවත් කර ගන්න. ඉන්පසු මඩු
දල්ල යට සිට අගල් 6 ක් හෝ 8 ක් ඉවත් කර කපා
ගන්න. කපා ගත් කැබලි හොඳින් සෝදා ගන්න.
ඇලුමිනියම් භාජනයක් ලිප තබා මඩු දලු
හොඳින් තම්බා ගන්න. තැම්බුණු මඩු
දලු වේලෙන්නට හැර මඩු දල්ලේ පිට පොත්ත ඉවත් කර ගන්න. ඉන්පසු ඒවා හොඳින් තලා ගන්න. තලා ගත් මඩු දලු
අගල් 1 ක පමණ ප්‍රමාණයට කපා ගන්න. කපාගත්
මඩු දලු ඇතිලියකට දමන්න. එයට මිරිස්කුඩු, බැදපු තුනපහ කුඩු, කහකුඩු, ගොරකා,
අමුමිරිස්, උම්බලකඩ එකතු කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. පොල්කිරිද එකතු කර ලිප
තබන්න. පොල්කිරි හිඳෙන තෙක් හොඳින් පිසගන්න. ඉන්පසු පොල්තෙල් ස්වල්පයක් තාච්චියකට
දමා රත් වෙන්නට තබන්න. තෙල් රත්වූ පසු එයට සිහින්ව ලියාගත් රතුලූණූ, සුදුලූණු,
රම්පෙ, කරපිංචා, අබ, කෑලි මිරිස් ස්වල්පයක් එකතු කර රන්වන් පැහැ වන තෙක් බැදගන්න.
පිසගත් මඩු දලු වෑංජනය එයට එකතු කරන්න. හොඳින් කලවම් කර ලිපෙන් බා ගන්න.
0 Comments