කඩුපහර
·
උද්භිද
විද්‍යාත්මක නාමය -
Emilia sonchifolia
·
ඖෂධීය
ගුණ -
අතීසාරයට, මාන්දමට, මළ බද්ධයට, සෙංගමාලයට, වාත
රෝග වලට කදිම ඔසුවකි. විෂ නසයි. ලේ වඩවයි.
චර්ම රෝග සඳහා ගුණදායකය.
කඩු පහර වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
ü කඩු පහර ශාකයේ ළපටි කොළ මිටක්
ü ලුණු ස්වල්පයක්
ü මිරිස් කුඩු
ü තුනපහ කුඩු
ü කහ කඩු
ü කරපිංචා
ü රම්පා,
ü සුදු ලූණු බික් 2
ü රතු ලුණු ගෙඩි 2
ü පොල් කිරි කෝප්ප 1
ü උළුහාල් ස්වල්පක්
ü අමු මිරිස් කරල් 02
සාදන ක්‍රමය
කඩු පහර කොළ හා දඩු කැබලි කපා ගන්න. මැටි බඳුනක් ලිප තබා
රත්කරන්න. එයට පොල් කිරි, සිහින්ව කපා ගත්, රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, මිරිස් කුඩු, කහකුඩු, තුනපහ කුඩු, කරපිංචා,
රම්පෙ, උළුහාල් එකතු කරන්න. හොඳින් උතුරන විට කපා ගත් කඩු පහර එකතු කරන්න. මඳ
වේලාවක් තබා හොඳින් තැම්බුණු පසු ලිපෙන් බා ගන්න.
0 Comments