කාමරංගා
·
උද්භිද
විද්‍යාත්මක නාමය -
Averrhoa carambola
·
ඖෂධීය
ගුණ -
රුධිරයේ සීනී මට්ටම අඩු කිරීමට ඇති හැකියාව ඉතා
ඉහළය. විටමින් සී, පොටෑසියම්, තඹ, සෝඩියම් ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලව අඩංගු වේ.
හෘද රෝග ඇති කරවන කොලෙස්ටරෝල් පාලනය කරයි. රුධිර පීඩනය සමනය කරයි. මළ බද්ධය සඳහා
ගුණදායකයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
කාමරංගා වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
ü පැසුණු කාමරංගා ගෙඩි 3 ක්
ü ලුණු ස්වල්පයක්
ü කුරුඳු පොතු කැබැල්ලක්
ü සූදූරු ස්වල්පයක්
ü ගම්මිරිස් කුඩු
ü මිරිස් කුඩු
ü තුනපහ කුඩු
ü කහ කඩු
ü කරපිංචා
ü රම්පා,
ü සුදු ලූණු බික් 2
ü රතු ලුණු ගෙඩි 2
ü පොල් කිරි කෝප්ප 1
ü උළුහාල් ස්වල්පක්
ü අමු මිරිස් කරල් 02
සාදන ක්‍රමය
පළමුව ඇතිලියක් ලිප තබා එයට තෙල් මේස හැඳි දෙකක්
දමා රත්වන්නට තබන්න. තෙල් රත් වූ පසුව ලියා ගත් සුදුලූණු, රතුලූණු, දමා
රන්වන් පැහැ වන තෙක් බැද ගන්න. එයට රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල්, හා
සූදූරු එක්කරන්න. ඉන්පසු මිරිස්කුඩු, කහකුඩු හා තුනපහ කුඩු ගම්මිරිස් කුඩු හා ලුණු
ස්වල්පයක් එක් කර මිශ්‍රණය කලවම් කරන්න. දැන් එයට වතුර ස්වල්පයක් දමා කපාගත්
කාමරංගා ද එයට එකතු කරන්න. ඉන්පසු එය හොඳින් වසා තබන්න. මඳ ගින්නේ තම්මා ගන්න.
හොඳින් තැම්බුණු කාමරංගා මිශ්‍රණයට මිටිකිරි ස්වල්පයක් එකතු කර උතුරවා ගෙන ලිපෙන්
බා ගන්න.
0 Comments