වාතභංග හෙවත් ලෙට්ට කොච්චි කොළ මැල්ලුම

 වාතභංග හෙවත් ලෙට්ට කොච්චි


 

·         උද්භිද විද්‍යාත්මක නාමය          -  Pisonia grandis

·         ඖෂධීය ගුණ                              -

සියලුම වාත වේදනා සමනය කරයි. වේදනා නාශකයකි. කොන්දේ කැක්කුම සුව කරයි. ආතරයිටීස් සහ දිය වැඩියාව සමනය කරන ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තය.

 

වාතභංග හෙවත් ලෙට්ට කොච්චි කොළ මැල්ලුම


අවශ්‍ය ද්‍රව්‍ය

ü  සිහින්ව ලියා ගත්  ලෙට්ට කොච්චි කොළ මිටක්

ü  පොල් තෙල් ස්වල්පයක්

ü  සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් දෙකක්             

ü  සිහින්ව ලියා ගත් රතුලූනු  ගෙඩියක්

ü  ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ü  කහකුඩු ස්වල්පයක්      

ü  සිහින්ව ගා ගත් පොල්

ü  ලුණු

ü  දෙහි යුෂ

 

සාදන ක්‍රමය

සිහින්ව ලියා ගත් ලෙට්ට කොච්චි කොළ, රතුලූණු , අමුමිරිස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, පොල් සහ  ලුණු  හොඳින් මිශ්‍ර කරගන්න. බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු පසුව සාදා ගත් ලෙට්ට කොච්චි කොළ මිශ්‍රණය එයට එකතු කරන්න.  හොඳින් කලවම් කරමින් මද ගින්දරේ පිසගන්න. ලිපෙන් බා ගත් පසු දෙහි  යුෂ එකතු කරන්න.


0 Comments

Follow Me On Instagram