මදටිය දළු මැල්ලුම

 මදටිය



·         උද්භිද විද්‍යාත්මක නාමය          -  Adenanthera pavonina

·         ඖෂධීය ගුණ                              -

අතීසාරය සමනය කරයි. රුධිරය පිරිසිදු කරයි. සමෙහි ආසාදන නසයි. විස නසයි.

 

මදටිය දළු  මැල්ලුම 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ü  සිහින්ව ලියා ගත් මදටිය දළු මිටක්

ü  පොල් තෙල් ස්වල්පයක්

ü  සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් දෙකක්             

ü  සිහින්ව ලියා ගත් රතුලූනු  ගෙඩියක්

ü  ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ü  කහකුඩු ස්වල්පයක්      

ü  සිහින්ව ගා ගත් පොල්

ü  ලුණු

 

සාදන ක්‍රමය

පළමුව මදටිය දළු උණු වතුරින් සෝදන්න. ඉන්පසු සිහින්ව ලියා ගන්න. සිහින්ව ලියා ගත් මදටිය දළු, රතුලූණු, අමුමිරිස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, පොල් සහ  ලුණු  හොඳින් මිශ්‍ර කරගන්න. බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු පසුව සාදා ගත් මදටිය දළු කමිශ්‍රණය එයට එකතු කරන්න.  හොඳින් කලවම් කරමින් මද ගින්දරේ පිසගන්න. ලිපෙන් බා ගත් පසු දෙහි  යුෂ එකතු කරන්න.


0 Comments

Follow Me On Instagram