කැබෙල්ල දළු ව්‍යංජනය

 කැබෙල්ල


·         උද්භිද විද්‍යාත්මක නාමය      - Aporusa lanceolata (Tul) Thus

·         ඖෂධීය ගුණ                      -

මුත්‍රාකාරකය. රක්ත ශෝධකය. රුධිරයේ මේදය අධික වූ විට නහර වල තෙල් බැඳීම හෘද අපහසුතා සඳහා ගුණදේ. පණු රෝග නසයි. බඩේ අජීර්ණ ආම රෝග නසයි.

 

කැබෙල්ල දළු ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

ü  පිරිසිදුව කඩා සෝදාගත් කැබැල්ල (උණු දියේ දමාගත්)

ü  පොල් මිටිකිරි

ü  උම්බලකඩ

ü  රතු ලූනු ගෙඩි 10-12

ü  අමු මිරිස් කරල් 04,

ü  කරපිංචා,

ü  රම්පා,

ü  උළු හාල්,

ü  කහ කුඩු,

ü  මිරිස්  කුඩු,

ü  තුන පහ කුඩු

ü   ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය


පළමුව සෝදා කපාගත් රතුළූණු ද, අමු මිරිස් ද, කරපිංචා ද, උළුහාල්, උම්බලකඩ, මිරිස් කුඩු, කහකුඩු, තුනපහ කුඩු, අවශ්‍ය ප්‍රමාණයට ගෙන භාජනයකට දමා මිටි කිරි එකතු කරන්න.  ඉන්පසු උණු දියෙහි දමා කපා ගත් කැබෙල්ල දළු එකතු කරන්න. ලිප තබා හොඳින් පිස ගන්න.


0 Comments

Follow Me On Instagram