කිරි අඟුණ කොළ සම්බෝලය

 කිරි අඟුණ

 

·         උද්භිද විද්‍යාත්මක නාමය         - Tylophora pauciflora

·         ඖෂධීය ගුණ                              -

කිරි දෙන මව්වරුන්ට  වඩාත් ගුණදායකය. කැස්සට, ඇදුමට, සෙම් රෝග වලට, මළ බද්ධයට, පණු රෝග වලට,  අතීසාරයට සුදුසුය. ලිංගික ශක්තිය වඩවයි. රක්තහීනතාවය සමනය කරයි.

කිරි අගුණ කොළ සම්බෝලය

  අවශ්‍ය ද්‍රව්‍ය              

ü    කිරි අගුණ  කොළ මිටක්,

ü     සිහින්ව ගා ගත් පොල් මිටක්,

ü     දෙහි ගෙඩියක්,

ü      රතු ලූණු ගෙඩි 5/6 ක්,

ü       අමු මිරිස් කරල් 3/4 ක්,

ü        ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය

    මුලින්ම කිරි අගුණ  කොළ ටික හොඳින් සෝදා සිහින්ව කපා ගන්න. ඉන්පසු සිහින්ව ගා ගත් පොල් මිටට රතුලූණු අමුමිරිස් සිහින්ව කපා මිශ්‍රකර එයට ලුණු සහ දෙහි ප්‍රමාණවත් පරිදි එකතු කරගන්න. දැන් එයට කලින් සකසා ගත් කිරි අගුණ කොළ එක්කර හොදින් මිශ්‍ර කරගන්න .


0 Comments

Follow Me On Instagram