කොස් ඇට අග්ගලා

 කොස් ඇට


·         උද්භිද විද්‍යාත්මක නාමය         - Artocarpus heterophyllus

·         ඖෂධීය ගුණ                              -

රුධිරයේ සීනී මට්ටම පාලනය කරයි. ඛනිජ ලවණ බහුලව ඇති නිසා ඇස් නිරෝගී කරවයි.  ප්‍රතිඔක්සිකාරය ගුණයෙන් යුක්තය. අන්ත්‍ර බඩවැල් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩු කරවයි. අමාශගත තුවාල වලට ඔසුවකි. 

කොස් ඇට අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය

ü කොස් ඇට 50ක් පමණ

ü පොල් කෝප්ප 2ක්

ü ගම්මිරිස් ඇට 5ක්

ü සීනී ග්‍රෑම් 100

ü ලුණු

සාදන ක්‍රමය

    කබලකට පොත්ත සහිත කොස් ඇට දමා කොස් ඇටයේ පිට පොත්ත කළු පැහැවී පුපුරා යන තෙක් හැන්දකින් කලවම් කරමින් බැද ගන්න. ඉන් පසු කොස් ඇටවල පොත්ත ඉවත්කර උණුසුම තිබියදීම වංගෙඩියකට දමා කොටා ගන්න. කොස් ඇට මඳක් කොටා ගත් පසු එයට ගම්මිරිස් ඇට,  පොල්, සහ ලුණු දමා කොස් ඇට පිටි වන තුරු හොඳින් කොටා ගන්න. අග්ගලා ලෙස සකසා ගන්න.


0 Comments

Follow Me On Instagram