නාපිරිත්ත
·
උද්භිද විද්‍යාත්මක නාමය - Hibiscus furcatus
·
ඖෂධීය ගුණ -
අස්ථි ශක්තිමත් කරයි. විෂ නසයි. තුවාල සුවවීම ඉක්මන් කරයි. කෑම රුචිය වඩවයි. විශේෂයෙන් සෙම්ප්‍රතිෂ්‍යාවට ඉතාමත් ගුණදායක ය.
නාපිරිත්ත දලු ඇඹුල
අවශ්‍ය ද්‍රව්‍ය
ü නාපිරිත්ත දලු
ü රතුලූණූ බික් 3
ü උම්බලකඩ
ü අමු මිරිස් කරල් 2
ü අබ
ü සුදුලූණු
ü මිරිස් කුඩු
ü තුනපහ කුඩු
ü කහ කුඩු
ü පොල් මිටි කිරි
ü පොල්තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
නාපිරිත්ත දලු සෝදා දිය බේරෙන්නට තබා තරමක්
සිහින් කැබලිවලට කපා පිසින බදුනට දමන්න. රතුලූණූ, උම්බලකඩ, අමු මිරිස් ලියා එම බඳුනටම දමන්න. ඉන්පසු
මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු යනාදිය එකතු කරන්න. මිටිකිරි අඩු කෝප්ප
භාගයක් සහ ඇල්වතුර අඩු කෝප්ප බාගයක් දමා හොඳින් කළවම් කර ළිප තබන්න. දිය හිදීගෙන
එනවිට ගින්දර අඩුකර මිටිකිරි දමා මඳ ගින්නේ පිසගන්න. හොදින් පිසුණ පසු පොල් තෙල්
ළිප තබා රත්වුණ පසු රතුලූනු, සුදුලූණූ
හීනීයට ලියා අබ සමග තෙලට දමා බැදුණ පසු නාපිරිත්ත දලු ඇඹුල එයට දමා කළවම් කරගන්න.
0 Comments