ආලංගා ව්‍යංජනය

 ආලංගා



·         උද්භිද විද්‍යාත්මක නාමය       - Ipomea alba

·         ඖෂධීය ගුණ                   -

අධි රුධිර පීඩනය අවම කරයි. මළ පිටවීම පහසු කරයි. රුධීරයේ සීනී ප්‍රමාණය පාලනය කරයි. ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වේ. අන්ත්‍ර ක්‍රියාකාරිත්වයට උපකාරී වේ. බඩවැල් රෝග දුරු කරයි. වයසට අඩු කරයි.


 ආලංගා ව්‍යංජනය

අවශ්‍ය ද්‍රව්‍ය


ü        කපාගත් ආලංගා
ü             අමු මිරිස්
ü             ළූණු ගෙඩි 2
ü     /       කරපිංචා      
ü             පොල් කිරි
ü             මිරිස් කුඩු
ü             තුනපහ කුඩු
ü             කහ කුඩු
ü             උළු හාල්
ü             ලුණු
ü             පොල් තෙල්

 

සාදන ක්‍රමය

    ආලංගා අවශ්‍ය ප්‍රමාණය ගෙන හොදින් සෝදාගන්න. ඉන්පසු පොල් තෙල් ටිකක් ලිප තබා හොදින් රත් වූ පසු අමුමිරිස්, සිහින්ව කපා ගත්  ළූණු, කරපිංචා, උළු හාල් දමා කලවම් කර පසුව මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු,  දමා කලවම් කරන්න. කපාගත්  ආලංගා එයට එක් කර ගන්න. හොදින් තැම්බෙන්නට වසා තබන්න. හොදින් තැබ්බුණු පසු මිටිකිරි එක් කර අවශ්‍ය පදමට ලුණු එක්කර ලිපෙන් බා ගන්න.


0 Comments

Follow Me On Instagram