අවර ව්‍යංජනය

 අවර

 

·         විද්‍යාත්මක නාමය - Canavalia gladiate

·         ඖෂධීය ගුණ        -

ශක්ති ජනකය. ශීතල ගුණයෙන් යුක්තය, කුසගිනි වඩයි. දැවිල්ල නැති කරයි. පිත් රෝග වහා සුව කරයි. වන හා තුවාල සුව වීම ඉක්මන් කරයි. ඛනිජ අඩංගු නිසා ආහාරයක් ලෙස විශේෂ ගුණයක් ඇත.

අවර මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

ü              අවර කරල් අවශ්‍ය ප්‍රමාණයට

ü              රතු ළූණු

ü              අමු මිරිස්

ü              ලුණු

ü              මිරිස් කුඩු

ü              කහ කුඩු

ü              ගා ගත් පොල්

ü              කරපිංචා

සාදන ක්‍රමය

    අවර හොදින් සෝදා සිහින්ව කපා භාජනයකට දමා තම්බා පෙරා ගන්න. එයට ලුණු, මිරිස් කුඩු, කහ කුඩු, කරපිංචා, වතුර ස්වල්පයක් දමා වසා හොදින් තැම්බෙන්නට හරින්න. හොදින් තැම්බුණු පසු අමු මිරිස්,රතුළූණු හා කහ කුඩු දමා අඹරා  ගත් පොල් එක් කර තැම්බෙන්නට හරින්න. තැම්බුණු  පසු ලිපෙන් බා ගන්න.

 


0 Comments

Follow Me On Instagram