වැල් කොහිල
·
උද්භිද විද්‍යාත්මක නාමය - Syngonium angustatum
·
ඖෂධීය ගුණ -
අර්ශස් සඳහා ගුණදායකයි. ආමාශගත රෝග සුව කරයි. අම්ලපිත්ත රෝගයට
ගුණදායකයි. මළ බද්ධයට අන්ත්‍ර වල පවතින අවහිර වීම් වලට උදරයේ ආබාධ වලට ගුණදේ. ආහාර
දිරවීම පහසු කරයි. ඇස් රෝග වලින් ආරක්ෂා වේ.
වැල් කොහිල දලු වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
üවැල් කොහිල දළු අවශ්‍ය ප්‍රමාණයට
ü රතු ළූණුü අමු මිරිස්
ü ලුණු
ü මිරිස් කුඩු
ü තුනපහ කුඩු
ü රම්පෙ
ü කහ කුඩු
ü ගා ගත් පොල්
ü කරපිංචා
ü පොල් තෙල්
ü අබ
ü කොස් ඇට
සාදන ක්‍රමය
සෝදා කපා ගත් වැල් කොහිල දළු, පොතු හැර තලාගත් කොස්ඇට රතුළූණු, අමුමිරිස්,
ලුණු, මිරිස්කුඩු, තුනපහ කුඩු කහකුඩු, කරපිංචා, රම්පෙ දමා දියකිරි වලින් හොදින්
තැම්බෙන්නට හරින්න. හොදින් තැම්බුණු පසු මිටි කිරි එක් කර හිදෙන්නට හරින්න. ඉන්
පසු පොල් තෙල් ටිකක් ලිප තබා රත් වූ පසු අබ දමා පිස ගත් වැල්කොහිල දළු වෑංජනයට එක්
කර ගන්න.
0 Comments