කැහිපිත්තන් ජෙලි

 කැහිපිත්තන්


·         උද්භිද විද්‍යාත්මක නාමය      - Cyclea peltata

·         ඖෂධීය ගුණ                     -

ගැස්ට්‍රයිටීස් සඳහා ඉතාම ගුණදායකය. තුවාල සුව කරයි. කෑම අරුචියට, අජීර්ණයට ඔසුවකි. ශරීරයේ විෂ සමනය කරයි. කාන්තාවන්ගේ ආර්ථවයේදී ඇතිවන වේදනා සමනය කරයි.

කැහිපිත්තන් ජෙලි

අවශ්‍ය ද්‍රව්‍ය


ü  කැහිපිත්තන් කොළ ස්වල්පයක්

ü  ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

කැහිපිත්තන් කොළ සෝදා වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කරගන්න. දැන් එය පිරිසිදු රෙදි කෑල්ලකට දාලා පෙරාගන්න. දැන් එයට රස අනුව ලුණු දාලා බෝල් එකකට දාලා නොසෙල්වෙන්න පැය කිහිපයක් තබන්න. එවිට ජෙලි ලෙසට සකස් වී තිබෙනු ඇත.


0 Comments

Follow Me On Instagram