මුස්සැන්ද පපඩම්

 මැස්සැන්ද/වෙල් බුත්සරණ


·         උද්භිද විද්‍යාත්මක නාමය - Mussaenda frondosa

·         ඖෂධීය ගුණ                                   -

සෙංගමාලය, ඇදුම, උණ, උදරාබාධ, ඇස් දැවිල්ල, මකුළු දෂ්ඨ කිරීම්, ස්නායු පද්ධතියේ රෝග, සුදු ලාදුරු, පාණ්ඩුව, ක්ලාන්තය, ශීර්ෂ රෝග, පිපාසය හා උන්මාදය සඳහා ඔසුවකි.

  

මුස්සැන්ද පපඩම්

අවශ්‍ය ද්‍රව්‍ය

 

ü  මුස්සැන්ද කොළ කිහිපයක්

ü  පාන් පිටි

ü  මිරිස් කුඩු මේස හැන්දක්

ü  කහ කුඩු ස්වල්පයක්

ü  ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ü  ලුණු අවශ්‍ය පමණ

ü  අයිස් වතුර

ü  පොල්තෙල්

 

සාදන ක්‍රමය

        මුස්සැන්ද කොළ සෝදා පිරිසිදු කර ගන්න. පාන්පිටි, මිරිස් කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, ලුණු අයිස් වතුරට දමා බැටර් එකක් ලෙස සකස් කර ගන්න. තාච්චියක් ගෙන ලිප තබා පොල්තෙල් එකතු කරන්න. පොල්තෙල් රත් වූ පසු මුස්සැන්ද කොළ මත සාදා ගත් බැටර් එක තවරා තෙලට දමා පදමට බැද ගන්න.


0 Comments

Follow Me On Instagram