එරබදු මැල්ලුම

 එරබදු


 

·         උද්භිද විද්‍යාත්මක නාමය         - Erithrika Varigehata Gava

·         ඖෂධීය ගුණ                              -

කුඩා දරුවන්ගේ පණු රෝග නසයි. කිරි දෙන මව්වරුන්ගේ කිරි එරීම සඳහා ඔසුවකි. දනිහිස් කැක්කුම් සුව කරයි.ඔසප් වේදනා සමනය කරයි.


එරබදු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

 

ü  සිහින්ව ලියා ගත් එරබදු කොළ දෙමිටක්

ü  පොල් තෙල් ස්වල්පයක්

ü  සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් දෙකක්             

ü  සිහින්ව ලියා ගත් රතුලූනු  ගෙඩියක්

ü  ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ü  කහකුඩු ස්වල්පයක්      

ü  සිහින්ව ගා ගත් පොල්

ü  ලුණු

ü  දෙහි යුෂ

 

සාදන ක්‍රමය

සිහින්ව ලියා ගත් එරබදු කොළ, රතුලූණු , අමුමිරිස්, ගම්මිරිස් කුඩු, කහ කුඩු, පොල් සහ  ලුණු  හොඳින් මිශ්‍ර කරගන්න. බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු පසුව සාදා ගත් එරබදු කොළ මිශ්‍රණය එයට එකතු කරන්න.  හොඳින් කලවම් කරමින් මද ගින්දරේ පිසගන්න. ලිපෙන් බා ගත් පසු දෙහි  යුෂ එකතු කරන්න.


0 Comments

Follow Me On Instagram