ගිරා පළා/දිය මෙනේරිය
·
උද්භිද විද්‍යාත්මක
නාමය - Commelina indehiscens
·
ඖෂධීය ගුණ -
ශරීරය සිසිල් කිරීමේ හැකියාව ඇත. එමෙන්ම රුධිරය වර්ධනය කරයි. සෙංගමාල රෝගය සඳහා කදිම ඔසුවකි.
ගිරා පළා තෙම්පරාදුව
අවශ්‍ය ද්‍රව්‍ය
ü ගිරා පළා ළපටි දලු දෙමිටක්
ü සිහින්ව ලියා ගත් ලොකු ලුණු ගෙඩියක්
ü කුඩා කැබලි වලට කපා ගත් තක්කාලි ගෙඩියක්
ü නයි මිරිස් කරල් කිහිපයක්
ü කෑලි මිරිස්
ü කහ කුඩු
ü තුනපහ කුඩු
ü ගම්මිරිස් කුඩු
ü රම්පෙ
ü කරපිංචා
ü සුදුලූණු බික්කක්
ü පොල් තෙල්
ü බිත්තර 2
සාදන ක්‍රමය
පළමුව ගිරා පළා හොඳින් සෝදා පිරිසිදු කර සිහින්ව කපා ගන්න. තාච්චියක්
ලිප තබා පොල් තෙල් දමා රත් කරන්න. ඊට බිත්තර දෙක එකතු කර හොඳින් කලවම් කරන්න.
ගම්මිරිස් හා ලුණු එකතු කරන්න. ඉන්පසු එයට සිහින්ව ලියාගත් ලොකු ලූණූ, නයි මිරිස්
, සුදුලූණු, රම්පෙ කරපිංචා එකතු කරන්න. ඉන්පසු තුනපහ කුඩු, කහකුඩු
හා කෑලී මිරිස් එකතු කර රනවන් පැහැය වන තෙක් බැදගන්න. කපා ගත් ගිරා පළා
එකතු කර හොඳින් කලවම් කර විනාඩි 3 ක් පමණ
පිස ගන්න. ලිපෙන් බා ගත් පසු තක්කාලි එකතු කරන්න.
0 Comments