තැල් කොළ
·
ඖෂධීය ගුණ -
උණ, කැස්ස, වකුගඩු රෝග, උදර රෝග, ඇස් නොපෙනීම මේ ආදියට වඩාත් ගුණදායකය.
තැල් කොළ ඇඹුල
අවශ්‍ය ද්‍රව්‍ය
ü තැල් කොළ කෝප්ප 2
ü මිටිකිරි කෝප්ප 1
ü ගොරකා කෑලි 3
ü මිරිස්කුඩු තේ හැඳි 1
ü කහකුඩු තේ හැඳි 1/4
ü තුනපහකුඩු තේ හැඳි 1/2
ü ලියාගත් සුදුළූණු බික් 3
ü ලියාගත් රතුලූණු බික් 3
ü රම්පේ හා කරපිංචා
ü ü උම්බලකඩ කෑලි ටිකක්
ü ü ලුණු ස්වල්පයක්
සාදන ආකාරය
ඇතිලියකට මිටිකිරි කෝප්පයක් දමා
එයට ගොරකා, මිරිස්කුඩු, කහකුඩු, තුනපහ කුඩු, සුදුලූණු, රතුලූණු, රම්පෙ, කරපිංචා,
උම්බලකඩ එකතු කර ලිප තබා රත්කර ගන්න. පොල් කිරි නටනකොට තැල්කොළ ටික කඩා මෙයට එකතු
කරන්න. රස අනුව ලුණු දාලා ටිකක් හින්දලා අරගන්න.
0 Comments