ඇඹුල් ඇඹිලිය ව්‍යාංජනය

 ඇඹුල් ඇඹිලිය හෙවත් අඹුල් පළා

 

·         උද්භිද විද්‍යාත්මක නාමය         -  Oxalis corniculata

·         ඖෂධීය ගුණ                              -

මාන්දමට කදිම ඔසුවකි. එමෙන්ම ආහාර අරුචිය, අතීසාරය, අජීර්ණය, අර්ශස්, ප්‍රවාහිකා, චර්ම රෝග, අක්ෂි රෝග ආදිය සඳහාද වඩා හොඳ ඔසුවකි.

 

ඇඹුල් ඇඹිලිය වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

ü ඇඹුල් ඇඹිලිය කොළ

ü රතු ලූනු බික්  2

ü  කරපිංචා

ü රම්පෙ

ü  අමු මිරිස් කරල් 2

ü උළුහාල් ස්වල්පයක්

ü කහ කුඩු

ü මිරිස් කුඩු

ü තුනපහ කුඩු

ü  උම්බලකඩ

ü  ලුණු

ü  පොල් කිරි

 

සාදන ක්‍රමය

        පළමුව සෝදා කපා ගත් රතු ලූනු, කරපිංචා, අමු මිරිස් , රම්පා , උළුහාල් , උම්බලකඩ දමා එයට කහ කුඩු, අමු මිරිස් කුඩු, තුනපහ කුඩු ද අවශ්‍ය ප්‍රමාණයට ගෙන භාජනයට දමා එයට මිටිකිරි ද ලුණු ද ස්වල්පයක් එකතු කර හැඳි ගා ලිප තබන්න. කිරි හොඳින් නටා ගෙන එන විට තැම්බෙන විට හැන්දෙන් හොඳින් හැඳිගා එයට නෙළා සෝදාගත් ඇඹුල් ඇඹිලිය කොළ එකතු කර ගන්න ඉන් පසු විනාඩි 2,3 ක් මද ගින්නේ තබා ලිපෙන් බා ගන්න.


0 Comments

Follow Me On Instagram