ගිරිතිල්ල කොළ මැල්ලුම

 ගිරිතිල්ල හෙවත් ගිනිතිල්ල



·         උද්භිද විද්‍යාත්මක නාමය         - Argyeia populifolla

·         ඖෂධීය ගුණ                              -

හෘද රෝග පාලනය කරයි. කැස්ස, ඇදුම, දියවැඩියාව, රක්තවාතය, ශ්වේත ප්‍රදර, සන්ධි ගත වාත රෝග, අර්ශස් යන රෝග පාලනය කරයි. එමෙන්ම ගර්භාෂයේ රෝග සුවපත් කරයි.

  

ගිරිතිල්ල කොළ මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

 

ü  සිහින්ව ලියලාගත් ගිරිතිල්ල කොළ මිටක්

ü  තෙල් ස්වල්පයක්

ü  සිහින්ව ලියලා ගත්අමුමිරිස් කරල් දෙකක්             

ü  සිහින්ව ලියලා ගත් රතුලූනු  ගෙඩි1

ü  ගම්මිරිස් කුඩු ස්වල්පයක්      

ü  පොල් ස්වල්පයක්

ü  ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

        ගිරිතිල්ල කොළ, ලුණු, අමුමිරිස්, ගම්මිරිස් සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. බදුනක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත් වු පසුව ගිරිතිල්ල කොළ මිශ්‍රණය එයට එකතු කරන්න. මද වේලාවක් තබා පොල් ටිකද ඊට එකතු කර මද ගින්දරේ පිස ගෙන දෙහි එකතු කර ආහාරයට ගන්න.


0 Comments

Follow Me On Instagram