නිල් කටරොළු මල් බීම

 නිල් කටරොළු

·         උද්භිද විද්‍යාත්මක නාමය      - Clitoria Ternatea

·         ඖෂධීය ගුණ                     -

මතක ශක්තිය වර්ධනයට, මානසික පීඩනය පාලනයට හා සමෙහි කොලැජන් නිෂ්පාදනය ඉහළ නංවන නිසා තරුණ බව රැකදෙයි. අජීර්ණ තත්ත්වයන්  සමනය කරයි. දියවැඩියාව පාලනය  කරයි. එමෙන්ම අධි රුධිර පීඩනය, කොලොස්ටරෝල් වලට ගුණදායකය.

 නිල් කටරොළු මල් බීම

අවශ්‍ය ද්‍රව්‍ය

ü         නිල් කටරොඩු මල් 3

ü         සුදු සීනි තේ හැඳි 1

ü         උතුරන වතුර වීදුරු 1

 

සාදන ක්‍රමය

        කටරොඩු මලෙහි කොළ පැහැති කොටස ඉවත් කරන්න. උතුරන වතුර වීදුරුවට එම මල් දමා විනාඩි 20 ක් පමණ තබන්න. වතුර වීදුරුව නිල්පැහැ වූ පසු පෙරනයකින් පෙරා මල් ඉවත් කරන්න. නිල් පැහැති වතුර වීදුරුවට සීනි දමා මිශ්‍ර කරන්න. 


0 Comments

Follow Me On Instagram