ඇඹරැල්ලා බීම

 ඇඹරැල්ලා

 

·         උද්භිද විද්‍යාත්මක නාමය      - Spondias dulcis

·         ඖෂධීය ගුණ               - 

සීනි පාලනය කරයි.  අස්ථි වල හා දත් වල නිරෝගී බව ආරක්ෂා කරයි. ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ස්ථුලභාවය වළක්වයි. කොලෝස්ටරෝල් පාලනය කරයි. ඇස් පෙනීමේ දුර්වලතා මග හරවයි. හෘදයේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමය උපකාරී වේ.

 

 ඇඹරැල්ලා බීම

අවශ්‍ය ද්‍රව්‍ය

ü        ඇඹරැල්ලා ගෙඩි 3ක්

ü        සීනි තේ හැඳි 3ක්

ü        ලුණු ස්වල්පයක්

ü         වතුර 500 ml

 

සාදන ආකාරය

ඇඹරැල්ලා ගෙඩි වල පොතු ඉවත් කර හොඳින් සෝදන්න. පසුව ඇඅඹරැල්ලා ගෙඩි කැබලි කර ගන්න. කැබලි කර ගත් ඇඹරැල්ලා භාජනයකට දමා එයට සීනි, ලුණු හා ජලය එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව මිශ්‍රණය පෙරා පානය කරන්න.


0 Comments

Follow Me On Instagram