බතල දළු ඩෙවල්

 බතල


උද්භිද විද්‍යාත්මක නාමය             - Pomoea batatas

ඖෂධීය ගුණ                                 -

    හෘද රෝග ඇතිවීම පාලනය කරයි. අස්ථි ශක්තිමත් කරයි. ඔසප් වේදනාවන් සමනය කරයි. පිළිකා ඇතිවීමේ අවදානම අවම කරයි. මුඛ සෞඛ්‍ය වැඩි දියුණු කරයි. දැවිල්ල අඩු කරයි. සම නිරෝගී කරයි.

 

බතල දළු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍

ü  ළපටි බතල දළු හා දඩු

ü  රම්පේ

ü  කරපිංචා

ü  තලාගත් සුදු ලූණූ

ü  අමු මිරිස්

ü  බී ලූණූ

ü  ලුනු කුඩු

ü  කෑලි මිරිස්

ü  උම්බලකඩ කෑලි

ü  අබ

ü  පොල්තෙල්

සාදන ක්‍රමය

    ළපටි බතල දළු හා දඩු හොඳින් සෝදා දිය බේරෙන්නට හැර අතින් කැබලි වලට කපා ගන්න. තාච්චියක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු අබ ස්වල්පයක් දමන්න. අබ පිපිරුණු පසු තලාගත් සුදු ලූණූ දමා රන්වන් පැහැයට එනතුරු බැදගන්න. පසුව එයට කපාගත් රට ලූණූ එකතු කර සුලු වේලාවක් පිසගත් පසු එයට රම්පේ, කරපිංචා, අමු මිරිස් දමා ලූණූ ටික රන්වන් පාට වන තෙක් පිසගන්න. පසුව තක්කාලි, ලුනු කුඩු, කෑලි මිරිස් එකතු කරගන්න. උම්බලකඩ එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට මැලවුණු පසු කඩාගත් බතල දළු හා  දඩු එකතු කර ලිපේ ගින්දර වැඩි කර විනාඩියකට අඩු කාලයක් පිසගෙන ලිපෙන් බාගන්න.


0 Comments

Follow Me On Instagram