ඇඹරැල්ලා දලු සම්බෝල

 ඇඹරැල්ලා



·         උද්භිද විද්‍යාත්මක නාමය      - Spondias dulcis

·         ඖෂධීය ගුණ               - 

සීනි පාලනය කරයි.  අස්ථි වල හා දත් වල නිරෝගී බව ආරක්ෂා කරයි. ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ස්ථුලභාවය වළක්වයි. කොලෝස්ටරෝල් පාලනය කරයි. ඇස් පෙනීමේ දුර්වලතා මග හරවයි. හෘදයේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමය උපකාරී වේ.

 

ඇඹරැල්ලා දළු සම්බෝල

    අවශ්‍ය ද්‍රව්‍ය

ü                          ඇඹරැල්ලා දළු

ü                          රතු ළූණු

ü                          අමු මිරිස්

ü                          ලුණු කුඩු

ü                          දෙහි

ü                          පොල්

 

 සාදන ක්‍රමය

    ඇඹරැල්ලා දළු හොදින් සොදා සිහින්ව කපා ගන්න. ඉන් පසු අමු මිරිස් , රතුළූණු, ලුණු කුඩු පොල් සමඟ දෙහි බිංදු කිහිපයක් එක් කර හොදින් කලවම් කර ගන්න. එයට  සිහින්ව කපාගත් ඇඹරැල්ලා දළු එකතු කර කලවම් කර ගන්න.


0 Comments

Follow Me On Instagram