පුස් ඇට මැල්ලුම

 

පුස් ඇට

Elephant Creepes Mackan Bees garbee



·         උද්භිද විද්‍යාත්මක නාමය     - Entada Phaseoloides Linn Mere

·         ප්‍රාදේශීය ව්‍යවහාර නාම      -

·         දෙමළ නාමය                      - ඉරක්ති විල්ලු

·         ඖෂධීය ගුණ                     - චර්ම රෝග, උණ වේදනා සහිත ග්‍රන්ථි රෝග වලට

                                                        ගුණදායක වේ.

පුස් ඇට මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

   ü  පුස් ඇට  
ü  රතුළූණු                         
ü  සුදුළූණු  
ü  කොච්චි මිරිස්                              
ü  ගම්මිරිස්
ü  සිහින්ව ගා ගත් පොල්                             
ü  ලුණූ
ü  කහකුඩු                                

සාදන ආකාරය

    පුස් ඇට තලා මද වෙන්කර ගන්න. එම මද ටික කහ කුඩු ස්වල්පයක් දමා තම්බා ගන්න. තම්බා ගත් මද ටික සිහින්ව කැබලි වලට කපා ගන්න. කපා ගත් පුස් ඇට මද ටික රෙදි කඩක ඔතා පැය 02 ක් පමණ දියේ තබා හොඳින් සෝදා ගන්න. සෝදා ගත් පුස් ඇට මද ටික ජලය ස්වල්පයකට ලුණු දමා තම්බා ගන්න. ඉන් පසු රතුළූණු, සුදු ළූණු, කොච්චි මිරිස්, ගම්මිරිස්, පොල්, ලුණූ හොඳින් අඹරා ගන්න. එම අඹරා ගත් පොල් මිශ්‍රණය පුස් ඇට වලට දමා තැම්බෙන්නට හැර හොඳින් මිශ්‍රකර ලිපේ තබාගන්න.

0 Comments

Follow Me On Instagram