අල කොළ ව්‍යාංජනය

අල කොළ‍

·         උද්භිද විද්‍යාත්මක නාමය     -  Alocasia sp

·         දෙමළ නාමය                      -

·         ප්‍රාදේශීය ව්‍යවහාර නාම      -  වෙල් කොළ

·         ඖෂධීය ගුණ                     -

ප්‍රෝටීන් හා ඛනිජ ලවණ බහුල ආහාරයකි. හදවත් රෝග සෑදීමේ ප්‍රවණතාවය අවම කරයි. ඇස් ආරක්ෂා කරයි. අස්ථි ශක්තිමත් කරයි. තරුණ බව රැකදෙයි. අල කොල ග්‍රෑම් 100 වැඩිහිටි මිනිසෙකුට අවශ්‍ය කේ විටමින් 103% සැපයීමේ හැකියාව පවතී. 

අල කොළ වෑංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

  ü  සිහින්ව කපා ගත් අල කොල     
ü  බී ළූණු                                    
ü  අබ ඇට                                   
ü  කරපිංචා
ü  රම්පෙ                                    
ü  බැඳපු තුනපහ   
ü  උළුහාල්                                               
ü  මිරිස් කුඩු
ü  කපාගත් අමු මිරිස්
ü  කපා ගත් සුදුළූණු
ü  ගොරකා
ü  ගම්මිරිස්
ü  කහකුඩු

සාදන ආකාරය

භාජනයකට දමා රත්කර ගත් තෙල් වලට අබ එකතු කරගන්න. ඉන්පසු සුදුළූණු හා ළූණු, කරපිංච, රම්පෙ, අමු මිරිස් එකතු කර බැදගන්න. මිරිස් කුඩු එකතුකර කලවම්කර ගන්න. තුනපහ, කහ, ගොරක, ලුණු එකතු කරන්න. වතුර එකතුකර රත් වූ පසු අල කොළ එකතු කර, පියනකින් වසා තැම්බෙන්නට හරින්න.

0 Comments

Follow Me On Instagram