තිත්ත ඇට
·
උද්භිද විද්‍යාත්මක නාමය - Anamirtabauerianaendl
·
ප්‍රාදේශීය ව්‍යවහාර නාම -
· ඖෂධීය ගුණ - පිත සමනය කරයි. ශරීර ශක්තිය වඩවයි. නින්ද ඇති කරයි.
තිත්ත ඇට මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
ü තිත්ත ඇට
ü සුදුළූණු
ü රතුළූණු
ü කොච්චි මිරිස්
ü ගම්මිරිස්
ü සිහින්ව ගා ගත් පොල්
ü ලුණූ
ü කහකුඩු
සාදන ආකාරය
තිත්ත ඇට තලා පොතු ඉවත්කර ගන්න. පොතු ඉවත්කර ගත්
මද ටික කහ ස්වල්පයක් දමා තම්බා ගන්න. තම්බා ගත් මද ටික රෙදි කඩක දමා පැය 12 ක්
දියේ තබන්න. ඉන් පසු සෝදා ගත් තිත්ත ඇට මද ජලය හා ලුණු ස්වල්පයක් එක්කර තම්බා
ගන්න. ඉන් පසු රතුළූණු, සුදු ළූණු, කොච්චිමිරිස්, ගම්මිරිස්, පොල්, ලුණූ හොඳින්
අඹරා ගන්න. එම අඹරා ගත් පොල් මිශ්‍රණය තිත්ත ඇට ඇට වලට දමා තැම්බෙන්නට හැර හොඳින්
මිශ්‍රකර ලිපේ තබාගන්න.
0 Comments