බතල
බතල දළු වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
- බතල කරටි
- අමු මිරිස්
- ළූණු
- කරපිංචා
- රම්පෙ
- තුනපහ
- උළුහාල්
- කහකුඩු
- මිරිස් කුඩු
- දිය කිරි
- මිටි කිරි
සාදන ආකාරය
බතල දඩු හා දළු ටික වෙන්කර ගන්න.බතල දඬු ටික කැබලි වලට කපා රම්පෙ, කරපිංච,
මිරිස්, තුනපහ, කහ, ලුණු, රතු ළූණු, අමු මිරිස්, උළුහාල් එක්කර කලවම්කර ගන්න. එයට
දිය කිරි එක්කර තම්බා ගන්න. ඉන් පසු දළු ටික කපා එයට දමා තම්බා ගන්න. මිටි කිරි
එක්කර මද ගින්නේ පිස ගන්න.
0 Comments