හබරල මැල්ලුම

 

හබරල

        

·         උද්භිද විද්‍යාත්මක නාමය     - Colocaeia Macrorrhiza

·         ප්‍රාදේශීය ව්‍යවහාර නාම      -

·         දෙමළ නාමය                      - පෙරියන්  සම්බු

·         ඖෂධීය ගුණ-

හබරල ශාකයෙහි ඖෂධී ගුණ සැලකිමේදි බොහෝ ප්‍රතිකාර  වලදි  ආයුර්වේද යේ යොදා ගනු  දක්නට  ලැබේ. සෙම නැසියට වෙනත් ඖෂධ   සමග යොදා ගනි. පණු රෝග , බඩ පිපුම, උදර රෝග  සුව කරයි.  අර්ශස් රෝග යට  ප්‍රත්‍යා විසදුමකි.  පාණ්ඩුව රෝග තත්ව  ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

හබරල මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය

ü  හබරල අලයක්                         

ü  ගොරකා                                  

ü  කොච්චි                                   

ü  රතුළූණු                                  

ü  සුදු ළූණු

ü  කරපිංචා                                  

ü  ගම්මිරිස්

ü  මිරිස්

ü  කහ කුඩු

ü  සිහින්ව ගා ගත්පොල්

ü  ලුණූ අවශ්‍ය පමණ


සාදන ආකාරය

 හබරල අලයේ පොත්ත ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න. කපා ගත් හබරල පෙති සහ ගොරකා උතුරවා ගත් වතුරට එක්කර තම්බා ගන්න. හොදින් තැම්බූණු පසු වතුර පෙරා ගන්න. කොච්චි මිරිස්, රතුළූණු, සුදු ළූණු, කරපිංච, ගම්මිරිස්, කහ සහ පොල් අඹරා ගන්න.එම අඹරා ගත් පොල් මිශ්‍රණය හබරල භාජනයට දමා ම්ශ්‍ර කර  තැම්බෙන්නට හරින්න.

0 Comments

Follow Me On Instagram