අලිගැට පේර ඇට වඩේ

අලිගැටපේර

Avacado



·         උද්භිද විද්‍යාත්මක නාමය         - perseaamericana

·         ප්‍රාදේශීය ව්‍යවහාර නාම           -

·         දෙමළ නාමය                           -

·         ඖෂධීය ගුණ                           -

යකඩ, කැල්සියම්, පොස්පරස්, සින්ක් ආදී පෝෂන වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් සමන්විත වේ‍.කොලස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ සිට සම පැහැපත් කිරීම දක්වා ප්‍රතිලාභ අපට ලබාදේ.

 

අලිගැට පේර ඇට වඩේ

                අවශ්‍ය ද්‍රව්‍ය

ü      අලි ගැට පේර ඇට කිහිපයක්

ü      පාන් පිටි හො අඹරා ගත් පරිප්පු

ü      කරපිංචා          

ü     පොල් තෙල්

ü      අමු මිරිස්

ü      රතුළූණු බික් දෙකක්

ü     ලුණූ අවශ්‍ය පමණ

 

        සාදන ආකාරය

            අලි ගැට පේර ඇට හල් කටුවක් මඟින් සිහින්ව ගා ගන්න. සිසිල් ජලයට දමා දෙතුන් වතාවක් සෝදා මිරිකා ගන්න. සිහින්ව ලියා ගත් අමු මිරිස්, රතු ළූණු , කරපිංච එවට එක්කර ගන්න. ඉන් පසු පාන් පිටි හො අඹරා ගත් පරිප්පු එක්කර ගන්න. අවශ්‍ය පමණ ලුණු දමා සිසිල් ජලය ස්වල්පයක් ඉසිමින් හොඳින් කලවම්කර ගන්න. වඩේ සකසන ආකාරයට රත් වූ තෙලේ බැඳගන්න. 

0 Comments

Follow Me On Instagram